"Your family doctor at your fingertips !"

උසස් ප්‍රතිඵල උදෙසා යහපත් විභාග මානසිකත්වයක් eDoctor.lk පණිවිඩයක්

විභාගයක් යනු හුදෙක් පුද්ගලයකු සතු දැනුම, හැකියාවන්,
කුසලතාවයන් යනාදිය පිරික්ෂා බලන යම් ඇගැයීමකට ලක් කරණ්නාවූ ක්‍රියාවලියකි. ප්‍රධාන වශයෙන් විභාග හෙවත් පරීක්ෂණ දෙයාකාරයකට සිදුකරණු දක්නට ලැබෙයි. එනම් ලිඛිත පරීක්ෂණ හා වාචික
පරීක්ෂණ ක්‍රමවේදයයි. ඇතැම් විශේෂිත අවස්ථාවලදී මෙයට පරිභාහිර වූ ක්‍රමවේදයන්ද යොදා ගනියි. නිදසුනක් ලෙස ගතහොත් පුද්ගලයකුට නිදහසේ ක්‍රියාකරන්නට සලස්වා එම පුද්ගලයා යම් යම් අවස්ථාවලදී දක්වන්නාවු කුසලතාවයන් නිරීක්ෂණ ක්‍රමවේදයන් මගින් අධ්‍යයනය කිරීමයි.

-----------------------------------------------
Visit our website -  www.edoctor.lk
---------------------------------------------------
එහෙත් අපේ රටේ විශේෂයෙන්ම දරුවන් මුහුණ දෙන විභාග ක්‍රම සැලකූ විට වැඩි පුරම දක්නට ඇත්තේ ලිඛිත විභාග ක්‍රමයයි. ඇතැම් සෞන්දර්යාත්මක හා විද්‍යා විෂයයන් වලදී ලිඛිත පරීක්ෂණ (Writing Exam / Test) වලට අමතරව වාචික (Viva / Oral Exam) පරීක්ෂණ හා ප්‍රායෝගික (Practical Test) පරීක්ෂණද දක්නට ලැබෙයි.
කෙසේ නමුත් ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ (O/L), උසස් පෙළ (A/L) වැනි විභාග වලදී සිසු සිසුවියන්ට වැඩිපුරම පෙනී සිටින්නට සිදුව ඇත්තේ ලිඛීත පරීක්ෂණ වලටය.
අනෙක් පසින් යම් දෙයක තරඟකාරී ස්වාභාවය (Competition) වැඩි වනවිට අවිනිස්චිත (Undetermined) ස්වාභාවය ද අනුපාතිකව වැඩි වෙයි. මෙය පුද්ගලයන් තුල ක්ලමථකාරී (Stress) තත්ත්වයන් ඇති කිරීමට බලපායි. එනම් මානසික වශයෙන් පීඩාකාරී බවක් ආතති තත්ත්වයක් (Tension) ඇති කරයි. එයට එක් හේතුවක් වන්නේ තමන් මෙම පරීක්ෂණයෙන් නිපුණතා මට්ටමට පැමිණේදැයි යන්න පිළිබඳ මනසේ ඇතිවන සිතුවිල්ලයි.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම අප රටේද මේ වනවිට විභාග වල ස්වාභාවය වඩාත් අසීරු තත්ත්වයන්ට පත්ව තිබෙයි. එසේම විභාගයකින් සමත්වූ පමණින් ඊලඟ උසස් පාඨමාලාවට සම්බන්ධවීමේ හැකියාවද දුරස්වෙයි. උසස් පෙළ සමත් සෑම අයකුටම විශ්ව විද්‍යාල වරම් නොලැබීම නිදසුනකි.
උසස් පෙළ සඳහා ඉහළම ප්‍රතිඵලය වන ඒ සමාර්ථ තුනක් ලබා ගත්තද එය අපේක්ෂිත පාඨමාලාවට ඉහළම සුදුසු කම නොවන අවස්ථා ඇත, සමස්ථ ලකුණු ප්‍රමාණයෙන්ද ඉහළ යා යුතු අතර ඉෂෙඩ් (Z score) ලකුණුද ඉහළ විය යුතු වීම අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වෙයි. මේ අනුව විභාග වලදී අපේක්ෂාව පිළිබඳ අවිනිශ්චිත තාවය ඉතාම ඉහළ යනු පෙනේ.
මේ වැනි කාරණා නිසා ඇතිවන පාරිසරික බලපෑම්ද උග්‍රවීම හේතුවෙන් විශේෂයෙන්ම ළමයින්ගේ මානසික තත්ත්වය විභාග සම්බන්ධයෙන් වඩාත් අයහපත් වන බවක් පෙනී යයි. එනිසාම දරුවන්ගේ විභාග මානසිකත්වය දැඩි පීඩාකාරී එනම් ක්ලමථකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. මෙය බොහෝ ගැටළු මතු කරන්නකි.
දරුවන් තුල විභාග භීතිකාවන් (Exam phobia) ඇති කරවන තරමට පීඩාකාරී බවක් ගොඩ නැංවීමට බලපා ඇති හේතු කිහිපයක් සලකා බලමු.
  • විභාග ප්‍රශ්ණ පත්‍ර අනවශ්‍ය සංකීර්ණතාවයකින් යුතුවීම
  • අධික ධාරිතාවයකින් යුතු විෂය නිර්දේශ
  • කඩයිම් ලකුණු ඉහළ අගයයන්ගෙන් යුතුවීම
  • වසර කිහිපයක දැනුම පැය කිහිපයකින් විමසීම
  • නිශ්චිත විෂයයක් හෝ කිහිපයක් මත සමස්ථ විභාගයේ සමාර්ථය තීරණය කිරීම
  • ගුරුවරුන්ගෙන් ඉහළ සාමාර්ථ අපේක්ෂාව
  • අධ්‍යාපනික ආයතන / ක්‍රමවේදවල හා ගුරු වරුන්ගේ විවිධ දුබලතා හා ගැටළු
  • දෙමාපියන් / වැඩිහිටි පාර්ශව ඉහල සමාර්ථයක් ලබාගත යුතු බවට කරණ ඉල්ලීම් / තර්ජන
  • අනිසි ඉහල අධ්‍යාපනික ඉලක්ක ලබාදීම හා ලඟාකරගත යුතු බවට කරණ ඉල්ලීම් / තර්ජන
  • විභාග අසමත් වුවහොත් දෙන දඩුවම් පිළිබඳ තර්ජන
  • දරුවන්ට ලබාදෙන පහසුකම් පිළිබඳව සඳහන් කරමින් සිදුකරණ බැණ වැදීම්
  • අන් දරුවන් හා සන්සන්දනය කිරීම් හා හෙලා දකිමින් කරණ බැණ වැදීම්
  • එකම අධ්‍යාපන මාවතක් පිළිබඳ පමණක් දැනුම
  • සමගාමී අධ්‍යාපනික ක්ෂේත්‍ර හා පාඨමාලා පිළිබඳ අවිස්වාසය -අඩු දැනුම

 මෙකී නොකී බොහෝ කරුණු කාරණා දරුවන්ගේ මානසිකත්වය විභාග සම්බන්ධයෙන් වඩාත් අයහපත් තත්ත්වයකට පත්කර විභාග භීතිකා තත්ත්ව දක්වා ගෙන ගොස් යම් යම් කාංසාත්මක තත්ත්ව පවා ඇති කරවයි. උග්‍ර ක්ලමථකාරී තත්ත්වයේදී (Acute Stress Condition) හා කාංසාත්මක (Anxiety) අවස්ථා වලදී පහත අකාරයේ ලක්ෂණ ඇති වෙයි. මේ ලක්ෂණ වලින් දරුවන් එවන් තත්ත්වයකට ගොදුරුව ඇත්දැයි හඳුනාගත හැකිවෙයි. මානසික වශයෙන් බලපා ඇති අකාරය අනුව මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබෙයි.
  • දැඩි / අනිසි නොසන්සුන් ගතිය / කලබල ගතිය
  • හුස්ම ගැනීමේ වේගය වැඩි වීම / හතිය / ස්වශන අපහසුතා
  • උදරාබාධ ගතිය / බඩ පෙරළීම, දැඟලීම ලෙස හැඳින්වෙන ස්වාභාව
  • තොල කට වේලීම
  • අධික දහදිය දැමීම
  • බඩ බුරුල්වී යාම හෝ බඩ වේලීම (මළ පිටකිරීමේ අපහසුතා)
  • නිතර නිතර මල පහ කිරීමේ හෝ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය දැනීම
  • හිස රදය / කැරකිල්ල / ක්ලාන්තගති
  • ඇඟ පත වේදනාව / නිතර අසනීප ගති ඇතිවීම
  • අධික කෝපය / එසේ ක්‍රියා කිරීම / අලාභ සිදුකිරීම / කෑ ගැසීම
  • අධ්‍යාපනික වැඩ වලට දැඩි අකමැත්ත
  • මතක නොසිටීම / අමතක වීම / අතපසුවීම් වැඩි වීම
  • විභාග වලදී කරුණු මුළුමනින්ම අමතක වීම / වෙවුලීම / අසනීප වීම
  • අධික ලෙස විභාග වලින් ලකුණු අඩුවීම / හැකියාවන් දක්ෂතාවයන් බොඳවීයාම
  • මා පියන් හා අන් අය නොරිස්සන ගතිය
  • ආහාර ගැනීමේ විවිධ අක්‍රමිකතා ඇතිවීම
  • නින්දේ ගැටළු ඇතිවීම

සමස්ථ වශයෙන් මෙවන් අයහපත් තත්ත්ව දරුවාගේ අධ්‍යාපනික හැකියාවන් බොඳකර දමනු ඇත. එනිසා දරුවන් හට විභාග භීතිකාවක් ඇති නොවන සේ කටයුතු කිරීම වැදගත්ය. දැනටමත් යම් යම් ලක්ෂණ පෙනේනම් වහාම තත්ත්වය මග හරවා ගැනීමට ක්‍රියාකල යුතුය. ඒ සඳහා දළ වශයෙන්, මූලිකව පහත
ආකාරයේ ක්‍රියාවන් සිදුකල හැකියි. (දෙමාපියන් හා දරුවන්ගේ පාර්ශවයෙන්)
ü  දූ දරුවන් හා දෙමාපියන් තම පවුල් සබඳතාවයන් වඩාත් ශක්තිමත් කරගැනීම
ü  අවම වශයෙන් රාත්‍රී ආහාර වේලවත් එකට හිඳ ගැනීම හා පොදු කථා බහක නිදහසේ යෙදීම
ü  දියුණු කරගත යුතු අධ්‍යාපනික අංශ ගැන කථා බහ කිරීම / අවශ්‍යතා හඳුනා ගැනීම
ü  අවශ්‍ය නම් සුදුසු භාහිර ගුරුවරුන් මගින් අමතර දැනුම ලබා ගැනීමට ක්‍රියා කිරීම
ü  මුලසිටම ක්‍රමාණුකූලව සැලසුම් ගත ක්‍රමයකට නිවසේ අධ්‍යාපනික වැඩ වල යෙදීම
ü  පාඩම් කිරීමට සුදුසු වතාවරණයක් නිවස තුල ගොඩ නගා ගැනීම
§  අධික ශබ්ධ වලින් තොරවීම / සාමකාමී පරිසරයක් ඇතිකර ගැනීම
§  ලා කහ පැහැති රෙද්දකින් අලංකාර කල පාඩම් මේසයක් සකසා ගැනීම
§  ප්‍රමාණවත් ආලෝකයක් තිබීම (වොට් 60 වත් බල්බයක ආලෝකය)
§  පාඩම් මේසය මත පොත් පත් ගොඩ ගසා නොගැනීම / පිළිවෙළකට තබා ගැනීම
§  කාල සටහනක් අනුව පාඩම් කටයුතු කිරිම (සතියක් තුල සෑම විෂයකටම ඉඩකඩ)
§  විෂය පෙළගස්වා ගැනීම (වම් හා දකුණු මොළයට අදාල පාඩම් පිළිවෙලට ගැනීම)
ü  පාඩම් කිරීමේ උපක්‍රම භාවිතය (SQ3R ක්‍රමය Mind Mapping වැනිදේ)
ü  විවේක කාලයන් සුදුසු පරිදි යොදවා ගැනීම
ü  ශාරීරික මානසික ව්‍යායාමයන් හා සෞන්දර්යාත්මක / විනෝදාත්මක ක්‍රියාවල නිරතවීම
ü  සමබල ආහාර වේල් ගැනීම / ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම / අළුත් එළවළු පළතුරු ගැනීම
ü  පෙනීමේ, ඇසීමේ හෝ වෙනයම් ශාරීරික අපහසුතා දැනේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම
ü  අධික නිදිමත / දැඩි කම්මැලි ගතිය / කේන්තියාම / අප්‍රානික ගති දැනේනම් වෛද්‍ය උපදෙස් ගන්න
ü  මනෝවිද්‍යා උපදේශන සේවාවන්ට යොමුවීම හා අධ්‍යාපනික උපදේශනයන් ලබා ගැනීම සුදුසුය




කමල් එස්. ජයසේකර
Dr.Ac  D.Ac  D.Aur  M.Ac.F  DHP   DM  Dip.in.Psy [Hon Pi]   HCGC [Hon Pii]   M.ILA  Dip.in.Hypnotism  M.F.Hom   MEL [Liv]

ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනය (දුරකථන : 0714 167 287)



0 comments:

Post a Comment