උසැති පාවහන් විලාසිතා පළදින කාන්තාවන් බොහොමයක්
දෙනා අත්විදින බහුල රෝගාබාද තත්වයක් ලෙසවිලුඹ හා වළලුකර
ප්‍රදේශයේ වේදනාව දැක්විය හැකිය.
සැබවින්ම මෙම පාවහන් පැලදීමේදී ද පාදයන්ට
අපහසුතාවයක් ඇතිවුවද දිගු පෙනුමැති පාද යුගලයකට ඇති ආසාව විසින් මෙම අපහසුතාවය
යටපත් කර තිබීම පසුකාලීනව පාදයේ හා කොඳුඇට පෙළෙහි ඇතිවන වේදනාවන්ට මූලිකවම බලපා
තිබේ.මේ නිසා පාදයට ඇතිවන හානිය දරුණු
මෙන්ම නැවත යථාතත්වයට පවා ගත නොහැකි හානියක් විය හැකිය.
මෙහිදී පාදයට සිදුවන හානිය
පහත ආකාරයට දැක්විය හැකිය.
මාංශපේශී කෙටි වීම
පර්යේෂණාත්මක ජීව විද්‍යාව සදහා වන ජර්නලයේ (Journal of Experimental Biology) සදහන් වන බ්‍රිතාන්‍යයේ පර්යේෂණ වාර්තාවකට අනුව උසැති පාවහන් විලාසිතා
පළදින කාන්තාවන්ගේ කෙන්ඩ ප්‍රදේශයේ මාංශපේශී(Calf muscles) පැතලි පාවහන් පළදින කාන්තාවන්ගේ එම පේශී වලට වඩා කෙටි
බව ද ඔවුනගේ බලනහරය(Achilles
tendon) දැඩි හා සංකූචනය වූ
ස්වභාවයක් ගන්නා බව ද දක්වා ඇත.මෙය පාදයේ ජීව
යාන්ත්‍රික(Biomechanics) චලනයන්ට බාධා ඇතිකරලීම මෙන්ම
ඔවුනට පාවහන් රහිතව ගමන් කිරීමේදී වේදනා
සහිත අත්දැකීමක් ගෙන දීම සිදුකරේ.
මාංශපේශී සිහින් වීම (Muscle
atrophy)
මෙහිදී මාංශපේශීහි පේශී
තන්තු හැකිලීමක් සිදුවන අතර මාංශපේශී වල නම්‍යශීලී බාවය අඩු කරය්.මෙම තත්වය පාවහන්
රහිතව සිටගෙන සිටීමේදී කෙන්ඩ ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇතිකරලීමට හේතු වේ.
වළලුකර සන්ධියට සිදුවන බලපෑම
උසැති පාවහන් පැළඳ ගමන
කිරීමේදී පැතලි පාවහන් හෝ පාවහන් රහිතව ගමන් කිරීමේදීට වඩා ශරීරයේ බර, පාද මත
සමතුලනයක් ඇති විය යුතුය.මේ සදහා පාද වල පතුලේ හා වළලුකර සන්ධියේ ඇති කුඩා
මාංශපේශී වලට දැඩි ආයාසයක් ගත යුතු වෙය්.එබැවින් සමතුලනයේ සුළු හෝ වෙනස් වීමකදී
වළලුකර සන්ධිය උලුක්කුවීමකට ලක් වීම සිදු විය හැකිය.
දණහිස් අස්ථි සන්ධි ප්‍රදාහය (Knee
Osteo-Arthritis)
හාවඩ් විශ්ව විද්‍යාලයේ
පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලවලට අනුව උසැති පාවහන්
පළදින කාන්තාවන් අතර දණහිස් අස්ථි සන්ධි ප්‍රදාහය බහුල බව පෙන්වා දී
ඇත.මෙහිදී දණහිස සන්ධි අතර ඇති කාටිලේජ ක්‍රමයෙන් සියුම් කොටස් වලට කැඩී යාම
සිදුවේ.ඉන්පසු දණහිස සන්ධියේ අස්ථි එකිනෙක ගැටීම නිසා සන්ධිය තුලින් දැඩි වේදනාවක්
ඇතිවීම සිදුවේ.
ඔබ විසින් කල යුතු දෑ...............
·
අත්‍යවශ්‍යම
අවස්ථාවන්හිදී හැර උසැති පාවහන් පැලදීමෙන් වැළකීම මේ සදහා ගතහැකි හොදම පියවර වේ.
·
නමුත් ඔබට එසේ කල නොහැකි
තත්වයයක් පවතීනම් පහත සදහන් සරල දිගදුම් ව්‍යායාම(Stretching Exercises) දෛනිකව සිදු කිරීම
මගින් තත්වය අවම කර ගත හැකි වේ.

පහත දැක්වෙන විකල්ප දිගදුම් ව්‍යායාම අකාරයන්ද මේ
සදහා යොදා ගත හැකිය.
*ඔබ දැනටමත් මෙම රෝගී තත්වයෙන් දැඩිව පීඩා විදිනවානම් හෝ
ඉහත සරල ව්‍යායාම මගින් ඔබට සුවයක් නොලැබේ නම් සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකුගේ
උපදෙස් සදහා යොමු වීම වැදගත් වේ.
භෞතචිකිත්සකවේදී චාමර මතඟවීර B.Sc Physiotherapy (Col)
0 comments:
Post a Comment