ලොව
පුරා ජනතාව මෙවරත් ජූනි 5 වන දිනට යෙදුනු ලෝක පරිසර දිනය සැමරීමට සැදී
පැහැදී සිටින අවස්ථාවක යහපත් සෞඛ්‍යයක් සඳහා පරිසරය
සුරැකීම වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳ විමසීමට eDoctor කණ්ඩායම ලෙස අපි අදහස් කළෙමු . මෙවර පරිසර දිනයේ තේමාව දේශගුණ විපර්යාස හමුවේ
කුඩා දුපත් වලට ඇතිවන ගැටළු අරමුණු කරගෙන නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකාද්වීපයේ වැසියන් ලෙස පරිසරය සුරැකීම
වෙනුවෙන් අපගේ කාර්ය භාරය ඉටු කිරීමට මේ හොඳම කාලය බව අපගේ වැටහීමයි.අපගේ පැවැත්මට අත්‍යාවශ්‍ය ඔක්සිජන්, ජලය, ආහාර සහ හිරු එලිය පමණක් නොව නොයෙකුත් ඖෂධ වර්ග ආදිය අපට ලබා දෙන්නේ සොබාදම් මාතාවයි. එම සොබාදම් මෑණියන්ගේ තවත් එක දරුවෙක් පමණක් වන අප අදූරදර්ශී ලෙස, පරිසරය නොසලකා හැර භෞතික දියුණුව පසුපස හඹා යන්නේ කළගුණ නොදන්නවුන් පරිද්දෙනි. එහි අනිටු විපාක ලෙස නොයෙකුත් විෂම කාලගුණ විපර්යාස ඇති වී ගං වතුර, සුළි සුළන්, නාය යාම් පමණක් නොව ඩෙංගු වැනි මාරාන්තික ලෙඩ රෝග පැතිරීමේ අවදානමට අපි අද මුහුණ දී සිටිමු.

පසුගිය
දින වල ඇති වූ අධික වර්ෂාව සහ නාය යාම් මේ සඳහා හොඳම නිදසුන් වන අතර ඩෙංගු රෝගය
නිසා මිය ගිය පුද්ගලයන් ගණනද දිනෙන් දින ඉහල යමින් පවතී.
ඩෙංගු
රෝගය ප්‍රධාන වශයෙන් නගරබද ප්‍රදේශ වල
පැතිරීමට හේතුව, නගරබද ප්‍රදේශ වල පරිසර දූෂණය වැඩිවීම බව ප්රත්යක්ෂ කරුණකි. එසේ
නම් මිණිවන් මල් කැකුළු අකාලයේ මරු තුරුලට ගන්නා ඩෙංගු මාරයාගෙන් ඔබගේ දරුවා බේරා
ගැනීමට ඇති හොඳම ක්‍රමය ඔබ අවට පරිසරය
පිරීසිඳු කර ක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීමට වැඩ පිළිවෙලක් යෙදීමයි. විශේෂයෙන්
ගැහැණු ඩෙංගු මදුරුවා බිත්තර දමන පිරිසිඳු ජලය එකතු විය හැකි ස්ථාන සොයාබලා ඒවා
විනාශ කිරීම, එබඳු ජලය රැඳෙන මල් බඳුන්, කුහුඹු උගුල් ආදියෙහි ජලය දිනක් හැර
දිනක් මාරු කිරීම, අවහිර වී ඇති වැහි පීලි, ජලය ගලායන කාණු ආදිය නිතිපතා පිරිසිඳු
කිරීම සහ ජලය එකතුවන ටයර්, කැඩුණු බඳුන්,
පැරණි
ටැංකි ආදිය වල දැමීම හෝ වැලි පිරවීම වැනි
ක්‍රියා මඟින් ඩෙංගු මදුරුවා බෝ වන ස්ථාන විනාශ කිරීම ඉතාම වැදගත් වේ.
ජලය
එකතුවන ටයර්, කැඩුණු බඳුන්, පැරණි ටැංකි ආදිය වල දැමීම හෝ වැලි පිරවීම වැනි ක්‍රියා මඟින් ඩෙංගු
මදුරුවා බෝ වීම වැළැක්වීම ඉතාම වැදගත් වේ.
මීට අමතරව ශ්‍රමදාන, සමිති සමාගම් හරහා දැනුවත් කිරීම් සහ
වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් මෙන්ම ඔබ
නිවසට පරීක්ෂාව සඳහා පැමිණෙන නිළධාරීනට සහය දැක්වීමද ඔබ සතු යුතුකමක් බව මතක තබාගත
යුතුයි.
මාරාන්තික
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික කර්තව්‍යට උරදීමක් වශයෙන් eDoctor කණ්ඩායම ලෙස අප ජනතාව දැනුවත් කිරීමේ
වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. eDoctor කණ්ඩායම අන්තර්ජාලය, සමාජ ජාල වෙබ් අඩවි, පුවත්පත් ලිපි,දේශණ, වැඩ මුළු සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතයෙන්
සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමෙහි නිරත වන අතර එහි පුරෝගාමී වැඩසටහනක් ලෙස ඩෙංගු රෝගය
බහුල ප්‍රදේශ වල පාසල් දරුවන් දැනුවත් කිරීමේ ව්‍යාපෘති මාලාව හැඳින්විය හැක.
අපගේ අනාගත පරපුර පරිසරය සුරැකීම සහ ඩෙංගු වලක්වා ගැනීම පිළිබඳ පුළුල් ලෙස දැනුවත් කිරීමෙන් හෙට දින ලෝකය වඩාත් සුන්දර, පරිසර හිතකාමී සහ ඩෙංගු වැනි ලෙඩ රෝග වලින් තොර සෞඛ්‍යමත් එකක් වනු දැක්ම අපගේ අභිප්‍රායයි. eDoctor වන අපගේ තේමාව වන්නේ යහපත් හෙට දිනක් සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යන්නයි. ඉතින් මේ වසරේ පරිසර දිනය නිමිති කරගෙන මෙම වටිනා පණිවිඩය රටටම කියා පෑමට අප සමඟ අත් වැල් බැඳගන්නා මෙන් ඔබ සැමගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින අතර ඔබ ආයතනයේ වැඩමුළු, දේශන ආදිය කරවා ගැනීමට eDoctor.lk වෙබ් අඩවිය වෙත පිවිස අප අමතන මෙන් ද මතක් කර සිටිමු.
වෛද්‍ය සංජීව මලින්ද MBBS (Col)

0 comments:
Post a Comment